Signal Bars full වෙලත්, Internet slow ඇයි?
RSRP, RSRQ, SINR සහ අනෙකුත් LTE values
Router එකේ signal bars full. ඒ නිසා Internet speed එකත් fast වෙන්න ඕන කියලා අපි හිතනවා.
ඒත් YouTube videos buffer වෙනවා. Website එකක් load වෙන්න ලොකු කාලයක් යනවා. Speed test එකක් කළාම 10 Mbps වගේ speed එකක්.
එහෙනම් ප්රශ්නය මොකක්ද?
මෙතන තියෙන වැදගත්ම point එක තමයි signal bars කියන්නේ cellular connection එක ගැන සම්පූර්ණ picture එක නෙවෙයි.
Router එක ඇතුළෙන් signal එක ගැන තවත් measurements කිහිපයක් ගන්නවා. ඒවා අතර RSRP, RSSI, RSRQ, SINR සහ PCI කියන values වැදගත්.
මේ numbers ටික තේරුම් ගත්තොත්, LTE connection එක slow වෙන්නේ ඇයි කියන එක හොයාගන්න ගොඩක් ලේසි වෙනවා.
Signal Strength එකයි Signal Quality එකයි කියන්නෙ දෙකක්
මුලින්ම මේ දෙක වෙනස් කියන එක තේරුම්ගමු.
හිතන්න ඔයා කෙනෙක් එක්ක room එකක කතා කරනවා කියලා.
එයා ගොඩක් ඈතින් ඉන්නවා නම් එයාගේ කටහඬ දුර්වලව ඇහෙනවා. මෙතන ප්රශ්නය strength එක.
දැන් එයා ඔයා ළඟම ඉන්නවා. හැබැයි room එක ඇතුළේ තවත් ගොඩක් අය එකවර කතා කරනවා.
එයාගේ කටහඬ strong.
නමුත් වටේ තියෙන noise එක නිසා එයා කියන දේ පැහැදිලිව අහගන්න අමාරුයි.
මෙතන ප්රශ්නය quality/clarity එක.
Cellular connection එකත් මේ වගේ.
Router එකට tower එකෙන් ලැබෙන signal එක ප්රමාණවත් තරම් strong වෙන්න ඕන. ඒ වගේම ඒ signal එක interference සහ noise වලට සාපේක්ෂව clear වෙන්නත් ඕන.
ඒ නිසා signal bars full වුණා කියලා connection එක fast කියන්න බැහැ.
RSRP - Router එකට Signal එක කොච්චර Strong ද?
RSRP කියන්නේ Reference Signal Received Power.
සරලව කියනවා නම්:
RSRP කියන්නේ router එකට ලැබෙන LTE signal එකේ strength එක පෙන්වන value එක.
RSRP මනින්නේ dBm වලින්.
Values negative:
-80 dBm
-90 dBm
-100 dBm
මෙතන -80 dBm, -100 dBm වලට වඩා strong.
අගය zero එකට ළඟ වන තරමට signal එක stronger.
RSRP | Signal Strength |
|---|---|
-80 dBm හෝ ඊට වැඩි | Excellent |
-80 to -90 dBm | Good |
-90 to -100 dBm | Fair |
-100 to -110 dBm | Weak |
-110 dBm ට අඩු | Very Weak |
මේවා practical reference ranges. Network එක, router එක, frequency band එක සහ වෙනත් radio conditions අනුව actual experience එක වෙනස් වෙන්න පුළුවන්.
උදාහරණයක්
Router එකේ:
RSRP = -97 dBm
කියලා තිබුණොත්, ඒක fair signal strength එකක්.
ඒ කියන්නේ router එකට LTE signal එක ලැබෙනවා, නමුත් signal එක particularly strong නෑ.
හැබැයි මෙතනින් connection එක ගැන සම්පූර්ණ conclusion එකක් ගන්න බැහැ.
මොකද RSRP කියන්නේ strength ගැන.
Signal එක කොච්චර clear ද කියලා බලන්න අපිට RSRQ සහ SINR බලන්න වෙනවා.
RSSI - ලැබෙන මුළු Radio Power එක
ඊළඟට තියෙන්නේ RSSI.
RSSI කියන්නේ Received Signal Strength Indicator.
RSSI එකෙන් LTE bandwidth එක තුළ device එකට ලැබෙන total received radio power එක පෙන්වනවා.
ඒ කියන්නේ useful LTE signal එක විතරක් නෙවෙයි.
ඒකට:
Useful LTE signal
Interference
Noise
වෙනත් radio energy
වගේ දේවල් ඇතුළත් වෙනවා.
ආයෙත් room එකේ example එක ගමු.
Microphone එකක් room එකේ total sound එක measure කරනවා කියලා හිතන්න.
එක පුද්ගලයෙක් කතා කරන හඬ විතරක් නෙවෙයි, අනිත් අයගේ කතා සහ background noise එකත් measurement එකට එකතු වෙනවා.
RSSI එකේ concept එකත් ඒකට සමානයි.
උදාහරණයක් විදිහට:
RSSI = -70 dBm
කියලා තිබුණා කියලා:
Tower signal එක -70 dBm
කියලා කියන්න බැහැ.
RSSI එක තනිව බලනවාට වඩා RSRP, RSRQ සහ SINR එක්ක බලන එක වඩා useful.
RSRQ - Signal එකේ Quality එක කොහොමද?
දැන් RSRQ බලමු.
RSRQ කියන්නේ Reference Signal Received Quality.
RSRP එකෙන් signal strength එක ගැන බලද්දී, RSRQ එකෙන් LTE signal එකේ quality ගැන information ලැබෙනවා.
RSRQ මනින්නේ dB වලින්.
මෙතනත් value එක zero එකට ළඟ වන තරමට හොදයි.
RSRQ | Signal Quality |
|---|---|
-3 to -9 dB | Excellent |
-9 to -12 dB | Good |
-12 to -15 dB | Fair |
-15 to -20 dB | Poor |
-20 dB ට අඩු | Very Poor |
උදාහරණයක්
Router එකේ:
RSRP = -90 dBm
RSRQ = -18 dBකියලා තිබුණා කියලා හිතන්න.
RSRP එක එතරම් නරක නෑ.
හැබැයි RSRQ එක poor.
ඒ කියන්නේ router එකට LTE signal power එක reasonable level එකක ලැබුණත්, signal quality එක හොඳ නෑ.
මේක තමයි එක value එකක් විතරක් බලලා connection එක judge කරන්න බැරි හේතුව.
SINR - Signal එක කොච්චර Clear ද?
LTE troubleshooting වලදී ගොඩක් වැදගත් value එකක් තමයි SINR.
SINR කියන්නේ:
Signal-to-Interference-plus-Noise Ratio
නම ටිකක් දිගයි. හැබැයි concept එක simple.
Router එකට tower එකෙන් useful signal එකක් ලැබෙනවා.
ඒ සමඟම radio environment එකේ interference සහ noise තියෙනවා.
SINR එකෙන් useful signal එක ඒ interference සහ noise වලට සාපේක්ෂව කොච්චර clear ද කියලා පෙන්වනවා.
ඒ නිසා:
SINR වැඩි නම් useful signal එක interference සහ noise වලට සාපේක්ෂව clearer.
Practical guide එකක්:
SINR | Signal Condition |
|---|---|
20 dB හෝ ඊට වැඩි | Excellent |
13–20 dB | Good |
5–13 dB | Fair |
0–5 dB | Poor |
0 dB ට අඩු | Very Poor |
උදාහරණයක්
Router දෙකක් තියෙනවා කියලා හිතන්න.
Router A
RSRP = -85 dBm
SINR = 20 dBRouter B
RSRP = -85 dBm
SINR = 3 dBදෙකේම RSRP එක -85 dBm.
ඒ කියන්නේ signal strength එක සමානයි.
හැබැයි SINR එක වෙනස්.
Router A එකේ signal එක clean.
Router B එකේ interference සහ noise වල බලපෑම වැඩියි.
ඒ නිසා signal bars සමාන වුණත් real-world performance එක වෙනස් වෙන්න පුළුවන්.
හිතන්න router එකේ මේ values ටික තියෙනවා:
RSRP = -97 dBm
RSSI = -70 dBm
RSRQ = -14 dB
SINR = 5 dB
PCI = 399මේ values වලින් අපිට මොනවාද කියන්න පුළුවන්?
RSRP = -97 dBm
Signal strength එක fair level එකක.
RSRQ = -14 dB
Signal quality එකත් fair level එකක.
SINR = 5 dB
Signal clarity එක අඩු පැත්තේ. Interference සහ noise වල බලපෑම සැලකිය යුතුයි.
RSSI = -70 dBm
මේක total received radio power එක පෙන්වන measurement එකක්. Useful LTE signal එක විතරක් measure කරන්නේ නෑ.
PCI = 399
මේක signal quality score එකක් නෙවෙයි.
මේක router එක connect වෙලා තියෙන physical LTE cell එක identify කරන number එකක්.
ඒ නිසා signal bars full කියන එකට වඩා මේ values ටික connection එක ගැන ගොඩක් වැඩි information එකක් දෙනවා.
PCI - Router එක Connect වෙලා තියෙන්නේ මොන Cell එකටද?
PCI කියන්නේ Physical Cell Identity.
මේක signal strength හෝ signal quality measurement එකක් නෙවෙයි.
LTE network එකේ physical cells එකිනෙක identify කරන්න PCI භාවිතා කරනවා.
උදාහරණයක්:
PCI = 399399 කියන number එකෙන් signal එක strong කියලවත් weak කියලවත් කියන්නේ නෑ.
එය physical cell එක identify කරන identifier එකක්.
මේක troubleshooting වලදී useful වෙන්නේ router එක location වෙනස් කරද්දී වෙනත් cell එකකට connect වෙනවාද කියලා බලන්න පුළුවන් නිසා.
PCI එක්ක:
RSRP
RSRQ
SINR
LTE Band
Cell ID
වගේ values record කරගත්තොත්, router එකේ location වෙනස් කිරීමෙන් connection එකට වෙනසක් ඇති වෙනවාද කියලා compare කරන්න පුළුවන්.
Router එකේ මේ Values Check කරන්නේ කොහොමද?
දැන් මේ numbers ගැන දැනගත්තට වැඩක් නෑ ඒවා බලන්න පුළුවන් තැනක් නැත්නම්.
බොහෝ LTE routers වල web-based admin panel එකක් තියෙනවා.
1. Router එකට Connect වෙන්න
Phone එකකින් හෝ computer එකකින් router එකට connect වෙන්න.
Wi-Fi
Ethernet
දෙකෙන් ඕනෑම එකක් භාවිතා කරන්න පුළුවන්.
2. Router Admin Page එක Open කරන්න
Browser එකේ router management address එක open කරන්න.
බහුලව භාවිතා වන addresses:
192.168.1.1
192.168.0.1හැබැයි හැම router එකකම address එක මේ දෙකෙන් එකක් නෙවෙයි.
වැඩ නොකළොත් router එකේ label/manual එක බලන්න. Computer එකේ Default Gateway එක බලලත් router address එක හොයාගන්න පුළුවන්.
3. Login වෙන්න
Admin username/password භාවිතා කරලා router dashboard එකට login වෙන්න.
4. Network Information හොයන්න
Router model එක අනුව menu එකේ නම වෙනස් වෙන්න පුළුවන්.
මේ වගේ sections බලන්න:
Status
Network
Mobile Network
LTE
Internet
Device Information
Network Information
Signal Information
Diagnostics
RSRP, RSRQ, SINR, RSSI, PCI, Cell ID, Band වගේ values තියෙන page එක තමයි අපි හොයන්නේ.
Signal Bars Full වුණත් Router එක Move කළාම Speed වැඩි වෙන්නේ ඇයි?
දැන් practical test එකක් කරමු.
Router එක desk එක උඩ තියෙනවා:
Location A
RSRP = -97 dBm RSRQ = -14 dB SINR = 5 dB
දැන් router එක window එක ළඟට move කරනවා:
Location B
RSRP = -91 dBm RSRQ = -11 dB SINR = 12 dB
Signal bars තැන් දෙකේම සමානයි.
හැබැයි actual measurements වෙනස්.
RSRP:
-97 → -91 dBm
Signal strength එක වැඩි වෙලා.
RSRQ:
-14 → -11 dB
Signal quality එක improve වෙලා.
SINR:
5 → 12 dB
Signal එක interference සහ noise වලට සාපේක්ෂව clearer වෙලා.
ඒ නිසා router එකේ position එක වෙනස් කරලා actual connection එක improve කරගන්න පුළුවන්.
මෙතන signal bars වලින් පෙන්වන information එකට වඩා detailed measurements ගොඩක් useful.
Router එක තියන්න හොඳම තැන කොහෙද?
Router එකේ measurements බලලා locations කිහිපයක් compare කරන්න.
Window එකක් ළඟ
Window එකක් ළඟ radio signal එකට බාධා අඩු location එකක් ලැබෙන්න පුළුවන්.
වඩා උස තැනක
Router එක floor එකේම තැබීමට වඩා higher position එකක් try කරන්න.
වෙනත් පැති
Tower එක තියෙන direction එක අනුව වෙන side එකක් වඩා හොඳ වෙන්න පුළුවන්.
ඝනකම් බිත්ති සහ metal objects වලින් ඈත් කරලා
Concrete walls සහ විශාල metal objects radio signal එකට බලපෑම් කරන්න පුළුවන්.
ඒ නිසා bars වැඩිම location එක හොයනවාට වඩා RSRP, RSRQ සහ SINR හොඳම combination එක තියෙන location එක හොයන එක වඩා වැදගත්.
RSRP හොඳයි, හැබැයි SINR නරකයි නම්?
උදාහරණයක්:
RSRP = -82 dBm
RSRQ = -15 dB
SINR = 2 dBRSRP එක හොඳයි.
ඒ කියන්නේ router එකට strong LTE signal එකක් ලැබෙනවා.
හැබැයි SINR එක 2 dB.
ඒ කියන්නේ useful signal එකට සාපේක්ෂව interference සහ noise වල බලපෑම වැඩියි.
මේ අවස්ථාවේ router එක වෙනත් location එකකට move කරලා බලන්න.
මේක “signal එක weak” කියන ප්රශ්නයකට වඩා “signal එක clean නෑ” කියන ප්රශ්නයක්.
RSRP Weak, SINR හොදයි නම්?
දැන් opposite situation එක බලමු.
RSRP = -105 dBm
RSRQ = -11 dB
SINR = 18 dBමෙතන RSRP එක weak.
හැබැයි SINR එක good.
ඒ කියන්නේ router එකට ලැබෙන signal එක weak වුණත්, ලැබෙන signal එක relatively clean.
මෙවැනි අවස්ථාවක router position එක improve කිරීම හෝ router එකට support කරන ගැලපෙන external antenna එකක් භාවිතා කිරීම signal strength improve කිරීමට උපකාරී වෙන්න පුළුවන්.
මෙය කලින් example එකට වඩා වෙනස්. කලින් ප්රශ්නය interference/quality පැත්තේ. මෙතන ප්රධාන ප්රශ්නය signal level එක.
Signal Values හොඳයි, ඒත් Internet Slow නම්?
හිතන්න router එකේ:
RSRP = -80 dBm
RSRQ = -9 dB
SINR = 20 dBමේ values හොඳයි.
හැබැයි speed test එකෙන්:
10 Mbps වලටත් අඩු speed එකක් ලැබෙනවා.
එතකොට radio signal එක healthy.
ඊළඟට network එකේ වෙනත් parts ගැන බලන්න ඕන.
වෙන්න පුලුවන් දේවල්:
Cell congestion
Available bandwidth limitation
ISP network limitations
Data package restrictions
Routing issues
Server-side limitations
Time එක අනුව speed වෙනස් වෙනවාද?
උදාහරණයක්:
Time | Speed |
|---|---|
8:00 AM | 80 Mbps |
1:00 PM | 55 Mbps |
7:00 PM | 12 Mbps |
11:30 PM | 75 Mbps |
Signal measurements මේ වෙලාවල් අතර ලොකු වෙනසක් නැත්නම්, හවස් වරුවෙ speed එක විශාල ලෙස අඩුවීම network congestion එකක් ගැන investigate කරන්න හොඳ clue එකක්.
ඒ කියන්නේ radio signal එක හොඳ වුණත්, ඒ cell එකට එකවර usersලා ගොඩකට serve කරන නිසා available capacity එක අඩු වෙන්න පුළුවන්.
එක Number එකක් විතරක් බලන්න එපා
LTE connection එකක් evaluate කරනකොට එක value එකක් අරගෙන conclusion එකකට යන්න එපා.
උදාහරණ දෙකක් බලමු.
Connection A
RSRP = -85 dBm
RSRQ = -10 dB
SINR = 18 dBSignal strength හොඳයි.
Quality හොඳයි.
Signal clarity එකත් හොඳයි.
Connection B
RSRP = -85 dBm
RSRQ = -17 dB
SINR = 3 dBRSRP දෙකේම එකයි.
ඒ කියන්නේ signal strength එක සමානයි.
නමුත් RSRQ සහ SINR දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
ඒ නිසා Connection B එකේ real-world performance එක අඩු වෙන්න පුළුවන්.
මෙතනින් මතක තියාගන්න වැදගත්ම දෙයක්:
RSRP + RSRQ + SINR එකට බලන්න.
Connection එක Troubleshoot කරන Simple Method එකක්
Router එක slow වුණාම settings change කරන්න කලින් මේ process එක follow කරන්න.
1. RSRP බලන්න
මුලින් signal strength එක check කරන්න.
RSRP ගොඩක් weak නම් router position එක වෙනස් කරලා බලන්න.
2. RSRQ බලන්න
Signal quality එක check කරන්න.
RSRQ poor නම් LTE signal quality එකේ ප්රශ්නයක් තියෙනවා.
3. SINR බලන්න
Signal clarity එක check කරන්න.
SINR අඩු නම් interference සහ noise වල බලපෑම වැඩියි.
4. PCI සහ Band record කරන්න
Router එකේ තියෙනවනම් PCI, Cell ID සහ LTE Band එකත් record කරගන්න.
මේක වෙනස් locations සහ වෙනස් connections compare කරන්න useful.
5. Locations කිහිපයක් test කරන්න
Router එකේ position එක වෙනස් කරලා values record කරන්න.
Signal bars විතරක් compare කරන්න එපා.
6. වෙනස් time වල speed test කරන්න
Morning, afternoon, evening, late night වගේ times වල speed test කරන්න.
Signal values සමාන වෙලා speed එක විශාල ලෙස වෙනස් වෙනවා නම්, network congestion වගේ network-side issue එකක් investigate කරන්න.
RSRP, RSSI, RSRQ, SINR, PCI - එක Table එකකින්
Value | මේකෙන් කියන්නේ මොකක්ද? | Better direction |
|---|---|---|
RSRP | LTE signal strength | Higher / closer to 0 |
RSSI | Total received radio power | Other values එක්ක බලන්න |
RSRQ | LTE signal quality | Higher / closer to 0 |
SINR | Interference/noise වලට සාපේක්ෂව signal clarity | Higher |
PCI | Physical cell identity | Quality score එකක් නෙවෙයි |
Daily troubleshooting වලදී values තුනක් විශේෂයෙන් මතක තියාගන්න ලේසියි:
RSRP → Strength
RSRQ → Quality
SINR → Clarity
Router එකේ signal bars කියන්නේ useful quick indicator එකක්.
හැබැයි ඒකෙන් cellular connection එකේ සම්පූර්ණ තත්වය දැනගන්න බැහැ.
අර values වික බලලා router එකේ location එක වෙනස් කරලා connection එක optimize කරන්නත් පුළුවන්.
Router එක move කළාම RSRP, RSRQ සහ SINR වෙනස් වෙනවා නම්, physical location එක cellular connection එකට බලපානවා.
හැබැයි signal values හොඳ මට්ටමක තිබියදීත් busy times වල speed එක විශාල ලෙස අඩු වෙනවා නම්, problem එක radio signal එකට වඩා mobile network එකේ congestion හෝ වෙනත් network-side limitation එකක් වෙන්න පුළුවන්.
ඒ නිසා ඊළඟ වතාවේ router එකේ full bars දැක්කාම එතනින් නවතින්න එපා.
Router එකේ Network Information open කරලා ඇත්ත numbers ටික බලන්න.
මොකද signal bars කියන්නේ සාමාන්ය indicator එකක් විතරයි.
Did you find this article helpful?
Related Articles
Azure වලින් මොනවද කරන්න පුළුවන්?
Microsoft Azure කියන්නේ විවිධ විදිහෙ දේවල් ගොඩක් කරන්න පුලුවන් cloud platform එකක්.
මොනවද මේ Linux Shell වර්ග?
Linux වල තියෙන Bash, Zsh, Fish, Dash වගේ Shells අතර වෙනස්කම්
Flutter සහ React Native
Mobile App Development එකට හොද මොකක්ද?
