ThishVerse Logo
THISHVERSE
HomeBlogAboutContact
Back to all posts
Cloud Computing

Internet එක කියන්නේ මොකක්ද?

Internet කියන්නෙ ඇත්තටම මොකක්ද, devices එකිනෙකා සමඟ data exchange කරන්නේ කොහොමද?

HHirun Thishakya
August 25, 2026
5 min read
Internet එක කියන්නේ මොකක්ද?

අපි හැමෝම වගේ දිනපතා Internet භාවිතා කරනවා.

YouTube videos බලනවා, messages යවනවා, websites browse කරනවා, online games play කරනවා, video calls ගන්නවා, files upload කරනවා.

ඒත් කවදාවත් හිතලා තියෙනවද?

ඇත්තටම Internet එක කියන්නේ මොකක්ද?

ඒ ලෝකයේ කොහේ හරි තියෙන ලොකු computer එකක්ද?

ඇත්තටම පිළිතුර ඊට වඩා සරලයි.

Internet එක කියන්නේ ලෝකය පුරා තියෙන computers, phones, servers සහ වෙනත් devices වලට එකිනෙකා සමඟ communicate වෙලා data exchange කරගන්න ඉඩ ලබාදෙන interconnected networks වල විශාල එකතුවක්.

සරලව කිව්වොත්:

Internet එක කියන්නේ networks වල network එකක්.

Internet එක කියලා එක විශාල machine එකක් ලෝකයේ කොහේවත් නැහැ.

ඒ වෙනුවට ලෝකය පුරා තියෙන millions networks එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා.

ඔයාගේ home network එක, university network එක, mobile network එක, Internet Service Providers (ISPs) ලාගේ networks සහ විශාල company networks මේ හැම එකකටම එකිනෙකා සමඟ communicate කරන්න පුළුවන්.


හිතන්න Road System එකක්

අපිට තියෙනවා:

  • ගෙවල් සම්බන්ධ කරන පොඩි roads

  • නගර සම්බන්ධ කරන විශාල roads

  • Cities සම්බන්ධ කරන highways

  • රටවල් සම්බන්ධ කරන international routes

Internet එකත් තරමක් මේ වගේ.

ඔයාගේ laptop එක home router එකකට connect වෙනවා.

Router එක Internet Service Provider (ISP) ට connect වෙනවා.

ISP එක තවත් networks සමඟ connect වෙනවා.

ඒ විදිහට ඔයාගේ device එකට ලෝකයේ වෙනත් පැත්තක තියෙන server එකක් සමඟ communicate කරන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ඔයා YouTube open කරනකොට:

Your Laptop
     ↓
   Router
     ↓
    ISP
     ↓
  Internet
     ↓
YouTube Servers
     ↓
 Video Data
     ↓
Your Laptop

ඔයාගේ laptop එක YouTube server එකට direct cable එකකින් connect වෙලා නැහැ.

ඒ වෙනුවට data එක interconnected networks ගණනාවක් හරහා destination එකට යනවා.


Internet එක තියෙන්නේ කොහෙද?

මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක්.

Internet එක කියලා එකම physical location එකක් නැහැ.

Internet එක හැදිලා තියෙන්නෙ ලෝකය පුරා විහිදී තියෙන physical infrastructure එකකින්.

උදාහරණ විදිහට:

  • Data centers

  • Servers

  • Routers

  • Fiber-optic cables

  • Undersea cables

  • Cellular networks

  • Satellites

  • Network equipment

Internet එක අපිට invisible වගේ පෙනුණත්, ඒක විශාල physical infrastructure එකක් මත depend වෙනවා.

විශේෂයෙන් රටවල් සහ මහද්වීප අතර Internet traffic ගොඩක් මුහුද යටින් යන undersea cables හරහා ගමන් කරනවා.

ඒක ලෝකය පුරා විහිදුණු විශාල physical network එකක්.


Website එකක් Open කරනකොට මොකද වෙන්නේ?

ඔයා browser එකේ:

google.com

කියලා type කරනවා කියලා හිතමු.

ඔයාගේ computer එකට මුලින්ම දැනගන්න ඕන website එක තියෙන server එක කොහෙද කියලා.

සරලව process එක මෙහෙමයි:

Website address එක ඇතුළත් කරනවා
          ↓
       DNS lookup
          ↓
Server එකේ IP address එක හොයාගන්නවා
          ↓
Request එක යවනවා
          ↓
Internet හරහා request එක ගමන් කරනවා
          ↓
Web server එක request එක ලබාගන්නවා
          ↓
Server එක data ආපසු යවනවා
          ↓
Browser එක website එක පෙන්වනවා

මේ හැම දෙයක්ම බොහෝවිට සිදුවන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයකින්.


IP Address එකක් කියන්නේ මොකක්ද?

Internet Protocol (IP), network එකක් ඇතුලේ communicate කරන devices සහ networks හදුනාගන්න (identify) දෙයක් අවශ්‍ය වෙනවා.

මේ සඳහා IP address භාවිතා කරනවා.

IPv4 address එකක් උදාහරණයක් විදිහට:

192.168.1.10

මේක postal address එකකට සමාන කරන්න පුළුවන්.

කෙනෙකුට package එකක් යවන්න නම් ඒක යවන්න ඕන address එක දැනගන්න ඕන.

ඒ වගේම network එකක් තුළ data එක නිවැරදි destination එකට යවන්න IP address එකක් අවශ්‍ය වෙනවා.


එහෙනම් අපි IP Addresses මතක තියාගන්නේ නැත්තේ ඇයි?

හැම website එකකටම IP address එකක් මතක තියාගන්න වුණොත් Internet භාවිතා කරන එක ගොඩක් අමාරු වෙනවා.

උදාහරණයක් විදිහට:

142.250.x.x

වගේ number එකක් මතක තියාගන්නවා වෙනුවට අපි:

google.com

වගේ පහසුවෙන් මතක තියාගන්න පුළුවන් domain name එකක් භාවිතා කරනවා.

මේකට අපිට උදව් කරන්නේ DNS.

DNS කියන්නේ මොකක්ද?

DNS (Domain Name System) කියන්නේ human-friendly domain names, IP addresses සහ අනෙකුත් naming information අතර mapping සම්ඉන්ධතාවය හදන system එකක්.

සරලව DNS එක Internet එකේ phone book එකක් වගේ හිතන්න පුළුවන්.

google.com
     ↓
    DNS
     ↓
IP address

DNS එක හරහා IP Address එක හොයාගත්තට පස්සේ browser එකට ඒ server එක සමඟ communicate කරන්න පුළුවන්.


Data එක Internet එක හරහා යන්නේ කොහොමද?

Internet එක හරහා යවන විශාල data එක සාමාන්‍යයෙන් කුඩා කොටස්වලට බෙදෙනවා.

මේ කුඩා කොටස් packets කියලා හඳුන්වනවා.

විශාල පොතක් තැපෑලෙන් යවනවා කියලා හිතන්න.

මුළු පොතම එක විශාල package එකක් විදිහට යවනවා වෙනුවට, ඒක packages කිහිපයකට බෙදලා යවන්න පුළුවන්.

Internet එකේ data transfer එකත් මේ concept එකට සමානයි.

Large file
    ↓
Packets වලට බෙදෙනවා
    ↓
Packets networks හරහා ගමන් කරනවා
    ↓
Destination එකට ළඟා වෙනවා
    ↓
Packets නැවත එකතු වෙනවා
    ↓
Original data

සමහර අවස්ථාවල packets එකම path එකෙන්ම යන්න අවශ්‍ය නැහැ.

Network protocols මඟින් ඒවායේ delivery සහ data handling process එක manage කරන්න උදව් කරනවා.


Data එක යන්නේ කොහෙන්ද කියලා තීරණය කරන්නේ කවුද?

මෙතන Router එක වැදගත් වෙනවා.

Router එකක් කියන්නේ network traffic එක නිවැරදි direction එකට forward කිරීමට උදව් කරන networking device එකක්.

ඔයා වෙනත් නගරයකට drive කරනවා කියලා හිතන්න.

විවිධ junctions වල තියෙන road signs මඟින් ඔයාට යන්න ඕන direction එක තීරණය කරගන්න පුළුවන්.

Routers එකත් ඒකට සමාන වැඩක් කරනවා.

        Router
       /      \
      ↓        ↓
 Network A   Network B
               ↓
            Network C

Router එක network addressing information බලලා packets ඊළඟ destination එක වෙත forward කරනවා.


Wi-Fi කියන්නේ Internet එකද?

නැහැ.

මේක Internet ගැන තියෙන common misunderstanding එකක්.

Wi-Fi කියන්නේ devices local network එකකට wireless විදිහට connect කිරීමට භාවිතා කරන technology එකක්.

Internet එක කියන්නේ ලෝකය පුරා spread වෙච්ච interconnected network එකක්.

උදාහරණයක්:

Your Phone
    ↓
  Wi-Fi
    ↓
Your Router
    ↓
    ISP
    ↓
 Internet

ඒ නිසා Internet connection එකක් නැති Wi-Fi network එකක් තිබෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට router එකට Internet connection එකක් නැති වුණත්, ඒ router එකට connect වෙලා තියෙන devices එකිනෙකා සමඟ local network එක හරහා communicate කරන්න පුළුවන්.


අවසාන වශයෙන් Internet එක කියන්නේ එකම computer එකක් නෙවෙයි.

Internet එක කියන්නේ ලෝකය පුරා එකිනෙකට සම්බන්ධ වූ networks සහ physical infrastructure වල විශාල එකතුවක්.

ඒ හරහා ලෝකයේ විවිධ ස්ථානවල තියෙන devices එකිනෙකා සමඟ communicate කරලා data exchange කරගන්නවා.

ඊළඟ වතාවේ ඔයා website එකක් open කරනකොට ඒ simple click එක පිටපස්සෙ වෙන දේ ගැන හිතන්න.

ඔයාගේ device එක local network එකකට connect වෙනවා. Routers සහ Internet Service Providers data එක interconnected networks හරහා ගමන් කිරීමට උදව් කරනවා. Server එක request එක process කරලා response එක ආපසු එවනවා.

මේ හැම දෙයක්ම අපිට almost instant වෙනවා වගේ දැනෙන තරම් වේගයෙන් සිදුවෙනවා.

ඒක තමයි Internet එකේ විශේෂත්වය.

Tags:ServersInternetHow the Internet WorksNetwork ProtocolsNetworkingWebComputer NetworksIP AddressTCP/IPDNS

Did you find this article helpful?

Related Articles

View Post
Azure වලින් මොනවද කරන්න පුළුවන්?
Cloud Computing
October 7, 2026

Azure වලින් මොනවද කරන්න පුළුවන්?

Microsoft Azure කියන්නේ විවිධ විදිහෙ දේවල් ගොඩක් කරන්න පුලුවන් cloud platform එකක්.

View Post
මොනවද මේ Linux Shell වර්ග?
DevOpsFeatured
October 2, 2026

මොනවද මේ Linux Shell වර්ග?

Linux වල තියෙන Bash, Zsh, Fish, Dash වගේ Shells අතර වෙනස්කම්

View Post
Flutter සහ React Native
Programming
September 24, 2026

Flutter සහ React Native

Mobile App Development එකට හොද මොකක්ද?

ThishVerse Logo
THISHVERSE
|

© 2026 ThishVerse. All rights reserved.

PrivacyTerms
|By Thish
Comments (0)

Sign in to join the conversation

No comments yet. Be the first to comment!